සිංහරාජයේ කතාව" නාට්‍යය 2022 දෙසැම්බර් 26 වැනි දින පල්ලේගම ද්විතීයික පාසල් පරිශ්‍රයේදී වේදිකාගත විය. The Heritage ව්‍යාපෘතියේ 10 වැනි සංවත්සරය වෙනුවෙන් එය සංවිධානය කර තිබුණි.. ශ්‍රී ලංකා - නෝර්වීජියානු සංගීත කථිකාචාර්ය සම්පත් චන්දකුමාර බ්ලොක් මහතා මෙම නාට්‍යයේ සම්පත් දායකයා වේ. සම්පත් මහතා ශ්‍රී ලංකාවේ සමහර පාසල්වල සෞන්දර්ය අංශ සඳහා පහසුකම් සපයයි. ඒ වටිනා සමාජ සත්කාරයේ කොටසක් ලෙස ඔහු අපේ සෞන්දර්ය අංශයේ සිසුන් සමඟ මේ නාට්‍යය වේදිකාගත කළා. මෙම අනගි අවස්ථාව පිළිබඳව පාසල වෙනුවෙන් සම්පත් මහතාට අපගේ ස්තුතිය පුදකර සිටිමු.