දකුණු ලක මාතර දිස්ත්‍රික්කයේ මොරවක් කෝරලයේ දෙණියාය නගරයෙන් කි.මි.තුනක් පමණ ඔබ්බෙන් මුහුදු මට්ටමෙන් අඩි 2200 ක් පමණ උසින් යුතු ගිං ගංගා නිම්නයේ පිහිටි රමණීය කඳු ගැටයක මාර/පල්ලෙගම ද්විතියීක පාසල වැජඹෙන්නීය.වර්තමානයේ දසතට සෙවන සදාලන විසල් රුකක් වන් වූ ද්විතියීක විදු මාතාව 1893 දී කුඩා පැළෑටියක් ලෙසින් රෝපණය විය.ලෝක උරුම සිංහරාජ වනාන්තරයට අයිතිවාසිකම් කියන ඒ මහා හරිත රාජධානිය පිස හමා එන පින්වත් මදනල ආශ්වාස කරන ,ගංගා කෙත් වතු ඇළ දොළ සතා සිව්පාවා සමග ස්වභාව සුන්දරත්වයේ මිහිර විිඳින බෞද්ධ පරිසරයක වැඩෙමින් අපේකම රකින,සංවේදී උතුම් මිනිස්කම් වලින් පිරි ජන කොට්ඨාශයක සුන්දර වාසස්ථානය වේ.
එවන් පරපුරක් දේශයේ අව්‍ශ්‍යතාවය මත සකසා අනාගතය වෙනුවෙන් මුදාහරින පළමු පින්බිම පල්ලෙගම විදුහල් මවයි.එදා මෙදා තුර බිහිවු දහස් ගණන් ඇගේ දරුවන් මේ ලක්බිම සතර දෙස විසිර රට වෙනුවෙන් අභිමානවත් මෙහෙවරක යෙදේ..